April 18, 2024

මේ රජය පත් කරන්න දර දිය ඇද්ද කිසිවකුට සහනයක් නෑ

වත්මන් රජය පත්කිරීම වෙනුවෙන් දරදිය ඇද්ද කිසිවෙකුට හෝ අද සහනයක් ලැබී නැතැයි පූජා ඇල්ලේ ගුණවංශ හිමියෝ සදහන් කරති.

අද වන විට රටේ කිසිම ආයතනයක් ගැන පසු විපරම් කිරීමත් සිදු නොවන බවද උන්වහන්සේ පෙන්වා දෙති.

රට තුළ ඇති වී තිබෙන ප්‍රශ්න කතා කිරීමට හෝ කෙනෙකු අද නොමැතිවීමත් එයට වගකිවයුතු අයිතිකාරයකු නැතිවීමත් ප්‍රශ්න ඇති කර ඇතැයි ද උන්වහන්සේ සඳහන් කරති.

ගම්වල වෙසෙන අහිංසක දුප්පත් ජනතාව අද අන්ත අසරණ භාවයට පත්ව ඇතැයිද පවසන උන්වහන්සේ ගැසට් මගින් සහල් මිල අඩු කර ඇතැයි පැවසුවද එම මිලට සහල් නොමැති වීම දරාගත නොහැකි දුකක් බවට පත්වී ඇතැයි ද සඳහන් කළහ.

දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ ජනතාව දැඩි ඉවසීමෙන් කටයුතු කළ මැති ඇමැතිවරුන් පාලකයන් ගෙන් එවන් තත්ත්වයක් තමන් වහන්සේ නොදකින බවද කියා සිටිති.

Rate this item
(0 votes)

Related items