March 28, 2024

ඩිව්ගේ හෙලිදරව්වෙන් මහින්ද උඩ යයි Featured

හිටපු අමාත්‍යවරයෙකු වූ ඩිව් ගුණසේකර මහතා මහින්ද අමරවීර අමාත්‍යවරයා පුදුමයට පත්වූ හෙළිදරව්වක් කර තිබේ.

ඒ මුතුරාජවෙල පරිසර පද්ධති සම්බන්ධයෙන් මතු වූ ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමට තිස්ස විතාරණ හිටපු අමාත්‍යවරයා සමඟ අමරවීර අමාත්‍යවරයා මුණගැසීමට පැමිණි අවස්ථාවේදීය.

“මම ඉස්සෙල්ලම ඡන්දය ඉල්ලන විට උදව් කලේ ඔබ පමණයි.“ ඒ ඇයිදැයි අමරවීර අමාත්‍යවරයා ගුණසේකර මහතාගෙන් විමසා ඇති අතර ඊට පිළිතුරු ලෙස ගුණසේකර මහතා සඳහන් කොට තිබෙන්නේ තමාගේ උපන්ගම හම්බන්තොට බවත් තමා මුලින්ම ඡන්දය ඉල්ලුවේ තංගල්ලෙන් බවත් එහිදී තමන්ට උදව් කළ එකම පුද්ගලයා මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ පියා වූ ඩිංගි මහත්තයා බවත්ය.

එහෙත් තමා එය මේ මොහොත වෙනතුරු හෙළිදරව් නොකළ බවත් තමා මහින්ද අමරවීර මහතාට එදා උදව් කලේ තමාට කළ උපකාරයට ප්‍රති උපකාරයක් ලෙස බවත් ගුණසේකර මහතා වැඩිදුරටත් තොරතුරු හෙළිදරව් කොට තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Monday, 08 March 2021 00:52