April 16, 2024

ගෑස් මිල තීරණය කිරීම පිළිබඳ බලතල මට නෑ - බලශක්ති ඇමති

ගෑස් මිල තීරණය කිරීම සම්බන්ධයෙන් තමාට කිසිදු වගකීමක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගෑස් මිල තීරණය කිරීමේ සම්පූර්ණ වගකීම පැවරී තිබෙන්නේ වෙළෙඳ අමාත්‍යංශය යටතේ ඇති පාරිභෝගික සේවා අධිකාරියට බවද ගම්මන්පිල අමාත්‍යවරයා හෙළිදරව් කරයි.

එහෙත් සිය අමාත්‍යාංශය යටතේ ජාතික ගෑස් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමේදී ගෑස් මිල තීරණය කිරීමේ වගකීමද ඊට අනුබද්ධ කොට සිය අමාත්‍යාංශයට පවරා ගැනීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ සඳහා මිල සූත්‍රයක් හෝ වෙනත් ක්‍රමවේදයක් සෑදීමට හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

උදය ගම්මන්පිල අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගෑස් මිල ගණන් වැඩි කිරීම සම්බන්ධයෙන් ගෑස් සමාගම් කර තිබෙන ඉල්ලීම පිළිබඳව ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

Rate this item
(0 votes)