April 18, 2024

ගායන ශිල්පීන් කිහිපදෙනෙකුට කොවිඩ් එන්නත ලබා දෙයි

මෙරට ප්‍රවීණ ගායන ශිල්පීන් කිහිපදෙනෙකුට ද කොවිඩ් මර්දන එන්නත ලබාදීම සිදුකෙරුණි.

අමරසිරි පීරිස්, සේනානායක වේරලියද්ද, ජානක වික්‍රමසිංහ සහ කරුණාරත්න දිවුල්ගනේ යන මහත්වරුන්ට එලෙස එන්නත ලබාදී තිබේ.

මේ සදහා මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයාද එක්ව සිටියේය.

ඇස්ට්‍රාසෙනිකා එන්නත මේ වනවිට ලබාදී ඇති මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 699,521 කි.

Rate this item
(0 votes)