April 24, 2024

කාලගුණයේ ලොකු වෙනසක් - ඉදිරි දින තුන ගැන අනතුරු ඇඟවීමක්

දිවයිනේ ප්‍රදේශ රැසකට ඉදිරි දින තුනක කාලය තුල ගිගිරුම් සහිත වැසි ඇති වීමේ අවධානමක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අතරින් මධ්‍යම, සබරගමුව, දකුණු සහ බස්නාහිර පළාත්වලටගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතියි.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, බදුල්ල හා යන දිස්ත්‍රික්ක වලට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද රතු නිවේදන නිකුත් කරන ලදී.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු එකෙන් පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් මෙහිදී ඉල්ලීමක් ද කෙරිණි.

Rate this item
(0 votes)