March 29, 2024

ගෑස් මිල වැඩිකිරීම ගැන සාකච්ඡාවක් සිදුවී නෑ - ඇමති බන්දුල Featured

ගෑස් මිල ගණන් ඉහළ දැමීම පිළිබඳව ආණ්ඩුව තුළ හෝ අමාත්‍යාංශය තුළ සකච්චාවක් සිදුවී නොමැති බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරයි.

ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යෑම මත දේශීය වෙළෙඳ පොළේද ගෑස් මිල ඉහළ නොදැම්මොත් එම ව්‍යාපාරය පවත්වාගෙන යෑමට නොහැකි බැවින් ගෑස් මිල ගණන් වැඩි කරන ලෙස ඉල්ලා සමාගම් කරන ඉල්ලීම පිළිබඳව ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

ඒ නිසා මේ සම්බන්ධයෙන් එළඹෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී දී ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවක් නැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරන ලදි.

සිය ව්‍යාපාරයන් පවත්වාගෙන යෑමට කිලෝ ග්‍රෑම් 12.7 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 750 කින් වත් ඉහල දැමිය යුතු බව ගෑස් සමාගම් වල ඉල්ලීම වේ.

Rate this item
(0 votes)