April 25, 2024

"ඔබට ළඟදීම කැබිනට් ඇමතිකමක් ලැබෙනවා"රාජ්‍ය ඇමතිට සුභ පතමින් අගමැති කිව්වලු

"මේ රාජ්‍ය ඇමතිකම ඔබට වැඩිකල් දරන්න වෙන්නේ නෑ. කැබිනට් ඇමතිකමකට යන්න වෙනවා" යැයි ප්‍රකාශ කරමින් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සුභ පැතූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කොට තිබෙන්නේ රොෂාන් රණසිංහ මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගත් අවස්ථාවේදීය.

රොෂාන් රණසිංහ මහතා එම රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේ මීට ටික දිනකට පෙර වුවද ඔහු එම ධූරයේ වැඩ භාර ගත්තේ ඉකුත් සතියේදීය.

අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය අනුමත කරමින් විෂය භාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා එහිදී සඳහන් කොට තිබෙන්නේ රොෂාන්ට කැබිනට් ඇමතිකමක් ලබාදිය යුතු බවය.

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාද මෙම අවස්ථාවට සහභාගි වූ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

Rate this item
(0 votes)