April 19, 2024

ඇමති විමල් තවත් වැඩකට අත තියයි - පාස්කු වාර්තාවටත් දෙහි කැපීම අරඹයි

පොදුජන පෙරමුණු ආණ්ඩුව තුළ මත ගැටුමකට මුල් වී සිටින විමල් වීරවංශ අමාත්‍යවරයා "ඉස්ලාම් අන්තවාදය, පාස්කු කොමිසමෙන් ඔබ්බට" යන තේමාව යටතේ රට පුරා දේශන මාලාවක් පැවැත්වීමේ තවත් මතභේදාත්මක වැඩපිළිවෙළක් ආරම්භ කොට තිබේ.

ඒ අනුව එහි පළමු දේශණය එළඹෙන 9 වැනි අඟහරුවාදා තුම්මුල්ලේ සම්බුද්ධ ජයන්ති මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

මෙම වැඩපිළිවෙල සඳහා වූ යෝජනාව සහ අනුමැතිය විමල් වීරවංශ අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් අනුමත කොට තිබේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත්කළ විශේෂ ජනපති කොමිසමේ වාර්තාවෙන් ජනතාව බලාපොරොත්තුව සිටී පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු අනාවරණය නොවීම, එම කොමිෂන් වාර්තාවෙන් ප්‍රහාරය පිටුපස සිටි මහ මොළකරුවන් මෙන්ම විදේශ බලවේග පිළිබඳව තොරතුරු හෙළිදරව් නොකිරීම මත එම වාර්තා පිළිබඳ සෑහීමකට පත් නොවීම යන පදනම තුල ජනතාව දැනුවත් කිරීම මෙම රැස්වීම් මාලාවේ අරමුණ වේ.

Rate this item
(0 votes)