April 19, 2024

ශ්‍රීලනිපය අළු ගසා දමයි - සාමාජිකයින් බඳවා ගැනීමේ සැලසුමක් අරඹයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා අලුතින් පත් කළ පරිපාලන කමිටුවට පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් බරපතළ වගකීමක් පවරා තිබේ.

ඒ දිස්ත්‍රික් මට්ටමින් හා පළාත් මට්ටමින් සම්මේලන පවත්වා පක්ෂයට සාමාජිකයින් බඳවා ගැනීමේ වගකීමය.

ඒ සඳහා අවශ්‍යය සැලසුම් හැදීමේ වගකීමද පක්ෂ සභාපති වන හිටපු ජනපති විසින් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් තිබෙන පරිපාලන කමිටුවට පවරා තිබේ.

මෙම කමිටුව පස් දෙනකුගෙන් සමන්විතය.

Rate this item
(1 Vote)