March 29, 2024

කොවිඩ් දේහ භූමදානයට තවත් තැනක් සොයා ගනී

කොවිඩ් මෘත දේහ භූමදානය කිරීම සදහා ඉරණතිව් දූපත තෝරාගැනීමත් සමග එම ප්‍රදේශයේ ජනතාවගේ දැඩි විරෝධය එල්ලවීමත් සමඟ දිවයිනේ තවත් සුදුසු ප්‍රදේශ පිළිබඳ සොඛ්‍ය අංශ සොයා බැලීමක් කර තිබේ.

වි‍ශේෂයෙන් ඉරණතිව් ජනතාවගේ විරෝධයත් සමග එම ප්‍රදේශයෙන් බැහැර වෙනත් ප්‍රදේශයක් සොයා බැලීමට කටයුතු කර ඇති අතර ඒ අනුව මන්නාරම සිට පුත්තලස දක්වා මුහුදු තීරයේ ප්‍ර දේශයක් පිළිබඳ නිරීක්ෂණය කර ඇතැයි අප වාර්තාකරු පැවසීය.

මේ අතර නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක් පිළිබඳවද සොඛ්‍ය අංශ අවධානය යොමු කර ඇති අතර එහිදී අම්පාර ඉරක්කාමම් ප්‍රදේශයේ තෝරාගත් ස්ථානයක්ද කොවිඩ් ආසාදිත දේහ භූමදාන කළ හැකි බවට සොයා ගෙන ඇතැයි අප වාර්තාකරු පැවසී ය.

ඒ අනුව එලෙස තෝරාගත් ස්ථානය කොවිඩ් ආසාදිත දේහ භූමදාන කළ හැකි බවට වූ නිර්දේශයන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කළ බව නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අලගියාහ් ලතා මහතා ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් කොවිඩ් මෘත දේහ භූමදානය කිරීම සදහා මීට පෙර ඉරණතිව් දූපත තෝරාගැනීමත් සමග එම ප්‍රදේශයේ ජනතාව තුළ මතුව ඇති නොසන්සුන් තත්ත්වයට එළැඹෙන සදුඳාට පෙර කැබිනට් මණ්ඩලයෙන් යහපත් ප්‍රතිචාරයක් ලබාදිය හැකි බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කිලිනොච්චියේදී ප්‍රකාශකර තිබුණි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ සෞඛ්‍ය ඇමතිවරිය සමග දුරකථනයෙන් කළ සාකච්ඡාවලදී ඉරණතිව් දූපතේ දේහයන් භූමදානය නුසුදුසු බව පෙන්වා දුන් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එම ප්‍රදේශයේ වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 26ක් රටට ලබාදෙන මුහුදු කූඩැල්ලන් අපනයන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති නිසා මෙම දූපත වෙනුවට විකල්ප දූපත් කිහිපයක්ම තමා විසින් පෙන්වා දුන් බව ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)

Related items