March 29, 2024

මහජන ප්‍රශ්න වලට විසඳුම් නැතිනම් වෙන්වීම හැර වෙන විකල්පයක් නැත - ශ්‍රීලනිප උප සභාපති

බඩු මිල, විරැකියාව, සියලු උපාධිධාරීන්ට රැකියා, වසංගතය මත සිදු වූ රැකියා අහිමි වීම් ආදී බොහෝ ආර්ථික ප්‍රශ්න පිළිබඳ මහජන විරෝධය මේ වන විට ආණ්ඩුවට එල්ල වෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය වී තිබේ.

වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිපය, ලංකා සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය ඇතුළු සන්ධානගත පක්ෂද එම විරෝධතා වල පාර්ශ්වකරුවන් වී ඇති බව ද ශ්‍රීලනිපය පෙන්වා දෙයි.

කැපී පෙනෙන වෙනසක් සිදු නොවී මේ ආකාරයට තවත් ඉදිරියට ගමන් කිරීමට නොහැකි බැවින් ආණ්ඩුවෙන් වෙන්නේ මේ හැර වෙන විකල්පයක් නැති බව ද ශ්‍රීලනිපය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ඒෂියන් මිරර් වෙත මෙම අදහස් පළ කළේ එකම පක්ෂයේ හිටපු සභාපතිවරයෙකු, මහ ලේකම්වරයෙකු මෙන්ම වත්මන් ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 07 March 2021 11:13