March 29, 2024

දේවානන්දගේ ලිපියෙන් පසු ඉරණතිව් භූමදාන වැඩේ අහෝසි වේ

ඉරණතිව් දූපත වෙනුවට කොවිඩ් 19 ආසාධිතයින්ගේ සිරුර භූමිදානයට වෙනත් තැනක් යොදා ගන්නා බවට ජනපති හා අගමැතිවරයා තමාට පොරොන්දු වූ බව ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් හෙළිදරව් කරයි.

මේ සම්බන්ධයෙන් තමන්ගේ පැහැදිලි කිරීම ජනපති හා අගමැතිවරයා ඉතා සාවධානව අසා සිටි බවත් සුළුතර ජනතාවගේ හැඟීම් වලට හානි නොවන ආකාරයට ආණ්ඩුව අවසන් තීන්දුවක් ගනු ඇති බව තමන්ගේ විශ්වාසය බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඉරණතිව්වල මුහුදු කූඩැල්ලන් අපනයන ගම්මානයක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 25 කට අධික මුදලක් ආධාර ලෙස ලබා ගැනීමට නියමිත බවත්, භූමි දානය සඳහා එම දූපත යොදා ගැනීමෙන් එම ව්‍යාපෘති අඩාල වනු ඇති බවත් ජනපති හා අගමැති වෙත තමන් දැන්වූ බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඉරණතිව් කොවිඩ් මරණ භූමිදානය කිරීමට ආණ්ඩුව ගත් තීරණයට එරෙහිව එම ප්‍රදේශයේ ආගමික නායකයින්ගේ හා ජනතාවගේ සහභාගිත්වයෙන් විරෝධතාද පැවැත්විණි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 05 March 2021 11:26

Related items