April 19, 2024

"විපක්ෂය මේ දවස්වල ටිකක් බයවෙලා" - බුද්ධික වික්‍රමාදර

විපක්ෂය මේ දවස්වල ටිකක් බිය වී ඇති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණු තරුණ සංවිධානයේ සාමාජික බුද්ධික වික්රමාදර මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"විපක්ෂය මේ දවස්වල ටිකක් බයවෙලා ජනාධිපතිතුමාට, ආණ්ඩුවට දිගින් දිගට ම චෝදනා එල්ල කරන්න පටන් ගත්තා. නමුත් ඒක වැඩක් වුණේ නැහැ. ජනතාව දන්නවා මෙවැනි ව්යසනයක් මැද්දේ වුණත් ලෝකයේ 10වෙනි තැනට අපේ රට ගේන්න අපේ ආණ්ඩුවට හැකිවෙලා තියෙනවා කියන එක. අලුතෙන් ම පත් වී ආපු මන්ත්රීවරුන්ගේ දැඩි කැපවීමක් අපි මේ ආණ්ඩුව තුළ දකිනවා. ඔවුන්ගේ බුද්ධිය මෙහෙයවමින්, ශ්රමය සහ ධනය වැය කරමින් ජනතාව වෙනුවෙන් කටයුතු කරන්නට අවස්ථාව උදා කරලා දීල තිබෙනවා. ඒවගේ ම ඒ සඳහා අවශ්ය ශක්තිය ලබා දීල තිබෙනවා. දැන් විපක්ෂයේ යම් යම් කණ්ඩායම් දන්නවා මේ වැඩවලින් ආණ්ඩුවට ගහන්න බැහැ. ඒ නිසා නිලධාරින් අල්ලගෙන ඒ අයට දිගින් දිගට ම පහර දෙනවා. ඔවුන්ට චෝදනා එල්ල කරනවා. අර පහුගිය දවස්වල සී.අයි.ඩී. නිලධාරින් දාගෙන නිලධාරීන් බය කළා අපිට මතකයි. රටේ සංවර්ධනය වෙනුවෙන් වැඩ කටයුතු කරන කිසිම කෙනෙකුට අගතියක් වෙන්නට මේ ආණ්ඩුව ඉඩ තියන්නේ නැහැ."

අද ගමකට ගියොත් බලාගන්නට පුළුවන් මේ ආණ්ඩුව සිදු කරල තියෙන දේවල් මොනවද කියලා? ‘ගම සමඟ පිළිසඳරක්’ වගේම ‘වැඩ සමඟ යළි ගමට’ වැඩසටහන් මාළාව මේවන විට වර්තමාන රජය ක්රියාත්මක කරමින් ජනතාවට සෙත සලසනවා. නමුත් වැඩ කරල විතරක් හිටිය ම ජනතාව ඒ වැඩ පිළිබඳ දැනුම්වත් නැහැ. ඒ නිසා තමන්ගේ ඡන්දයෙන් පත් කළ ආණ්ඩුව සිදු කළ කටයුතු පිළිබඳ සහ සිදු කරන වැඩ ගැන ජනතාව තෘප්තිමත්. වැදගත් ම දේ ඡන්ද ගැනීම පමණක් නොව ඒ ඡන්දවලින් තමන්ට පවරපු කාර්යයන් ආණ්ඩුවක් ඉටු කිරීම. ජනතාවගේ ප්රාර්ථනාව ඒකයි. ඒවගේම පාස්කු කොමිසම කියන්නේ අපේ රජය විසින් සිදු කරන ලද පත්වීමක් නොවෙයි. පසුගිය රජය මඟින් පත්කළ සාමාජිකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් එම කොමිසමේ ඉන්නේ. දීර්ඝ අධ්යයනයකින් පසුව වාර්තාව මේ වනවිට ඇවිත් තියෙනවා."

"ඔවුන්ගේ නිර්දේශ සහ තෝරාගත් නිර්ණායකයන් මොනවා ද? ඔවුන්ගේ නිර්දේශ මොනවා ද? ආදිය සිදු කළේ අපේ රජයේ කිසිදු ඇඟිලි ගැසීමකින් තොරව. අපි බැලුව ඇයි මේ කලබල කියලා. ඒවගේ ම කිසිම දෙයක් නොදැන ස්වාමීන්වහන්සේලා මේ පිළිබඳ කතා කරන්න යනවා. අඩුම තරමේ වාර්තාවේ පළමු වෙළුවේ පිටුවක්වත් කියවලා නැතිව. මේක සර්ව සම්පූර්ණයි කියලා අපි කියන්නේ නැහැ. නමුත් අවශ්ය තැනට අවශ්ය පරිදි ආමන්ත්රණය කිරීම් සිදුවෙලා තිබෙනවා. කොහොම වුණත් රජයක් විදියට ‘වැරදිකරුවන්ට’ දඬුවම් දිය යුතු යි කියන තැන අපි ඉන්නවා." යනුවෙන් ද පැවසීය.

Rate this item
(0 votes)