March 29, 2024

පිල් මාරුවක් - සජිත් පිලේ මන්ත්‍රීවරු 4ක් යළි එජාපයට යයි

එක්සත් ජාතික පක්ෂය හැරගොස් සමගි ජනබලවේගය සමඟ එක්වූ හබරාදූව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු හබරාදූව එජාප බල මණ්ඩල රැස්වීමේදී නැවත එජාපය සමඟ එක්ව තිබේ.

හබරාදූව ප්‍රාදේශීය සභාවේ සමගි ජනබලවේගය නියෝජනය කරන රෝහණ ප්‍රියන්ත, නිව්ටන් පුංචිහේවා, ඩෙල්කා අනූපමා සහ විශාඛා මධුකුමාරි යළි එජාපයට එක්වූ බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති බලමණ්ඩල රැස්වීමේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා නොපමාව පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු බවට යෝජනාවක්ද සම්මත වී තිබේ.

Rate this item
(4 votes)