April 20, 2024

“එන්නත විඳලා කොරෝනා පාලනය කරන්න හිතනවා නම් ඒක රජයක් කරන ලොකුම වැරද්දක්” - WHO කියන කතාව

ලොව පුරා නව කොවිඩ් -19 ආසාදන සංඛ්‍යාව සති හතකින් පසුව පළමු වරට ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයිසස් සඳුදා (01) අනාවරණය කළේය.

එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සියේ කලාප හයෙන් ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය, අග්නිදිග ආසියාව සහ නැගෙනහිර මධ්‍යධරණි මුහුදු සීමාවට අයත් කලාපයේ මෙලෙස ආසාදිතයන් වැඩිවීම් වාර්තා වී ඇති බව ගෙබ්රයිසස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොරෝනා වයිරස් පිළිබඳ  සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.

“මෙය බලාපොරොත්තු සුන් කරවන නමුත් පුදුමයක් නොවේ” යැයි පැවසූ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පවසා සිටියේ වැඩිවීම් අවබෝධ කර ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කරමින් සිටින බවයි.

මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලිහිල් කිරීම, වෛරසයේ ප්‍රභේදයන් සංසරණය වීම සහ ආසාදන ඇතිවීමේ අවදානම පිළිබඳව ජනතාව තම ආරක්‍ෂාව අතහැර දැමීම හේතුවෙන් කොරෝනා ආසාදිත සිද්ධි අනුපාතය ඉහළ ගොස් ඇති බව ඔහු පවසා සිටියේය.

මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග කොවිඩ් -19 ප්‍රතිචාරයේ පදනම ලෙස පවතින බවත් වෛරසය මැඩපැවැත්වීම සඳහා තනිකරම එන්නත් මත යැපෙන ඕනෑම රජයක් “වැරැද්දක්” කරන බවත් ගෙබ්‍රෙයිසස් අවධාරණය කළේය.

මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග කොවිඩ් -19 ප්‍රතිචාරයේ පදනම ලෙස පවතින බවත් වෛරසය මැඩපැවැත්වීම සඳහා තනිකරම එන්නත් මත යැපෙන ඕනෑම රජයක් කරනු ලබන වැරැද්දක් බවත් ගෙබ්‍රෙයිසස් අවධාරණය කළේය.

මෙම සාකච්ඡාවට  සහභාගී වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ අධ්‍යක්ෂ මයික් රයන් පැවසුවේ කොවිඩ්-19 වසංගතය 2022 දක්වා පවතිනු ඇති බවයි.

Rate this item
(0 votes)