April 19, 2024

මාස 09ක් වයසැති දරුවාට අමානුෂිකව පහරදුන් මව අත්අඩංගුවට

යාපනය අරියාලෙයි මණියන්තොට්ටම් ප්‍රදේශයේ මාස 09 ක් වයසැති කුඩා දරුවෙකුට අමානුෂිකව පහර දුන්නේ යැයි සැකපිට දරුවාගේ මව අද (02) අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.

කුඩා දරුවෙකුට කාන්තාවක් විසින් ඉතා අමානුෂිකව පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග දැඩි කතාබහකට ලක් වෙමින් අදාල කාන්තාවට දැඩි විරෝධයක් විශාල පිරිසකගෙන් එල්ල වුණි.

පසුව මේ පිළිබඳව පරික්ෂණයක් ඇරඹු යාපනය පොලීසිය විසින් දරුවාට පහර දෙන ලද කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් දරුවාද පොලිස් ළමා හා කාන්තා කාර් යංශයේ භාරයට ගෙන ඇත.

පසුව පොලීසිය විසින් සිදු කරන ලද පරික්ෂණ වලදී හෙලි වී ඇත්තේ අදාල කාන්තාව දරුවාගේ මව බවටත් ඇය 24 හැවිරිදි වියේ පසුවන අතරම විදෙස්ගතව සිට යාපනයට පැමිණ ඇති බවටය.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් අදාල මව පිළිබඳව මේ වන විට වැඩිදුර පරික්ෂණ සිදු කෙරෙන අතරම දරුවා පොලිස් භාරයේ ආරක්ෂිතව සිටින බවටද යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

සබැඳි පුවත් - මාස 09ක දැරියකට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි (සංවේදී දර්ශන සහිතයි)

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 02 March 2021 12:40