April 19, 2024

මෛතී‍්‍රගේ පුත‍්‍රයාගේ සිද්ධියේ විමර්ශන පෑලියගොඩින් ඉවත් කොට වෙනත් පොලිසියකට

හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛතී‍්‍ර ගුණරත්න මහතාගේ පුත‍්‍රයා වන සුමේධ මිගාර ගුණරත්න මහතා විසින් පෑලියගොඩ පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා පොලිසිය විසින් ඔහුට පහරදීම යන සිද්ධීන්වලට අදාළ පරීක්‍ෂණ පෑලියගොඩ පොලිසියෙන් ඉවත් කර වෙනත් විශේෂ විමර්ශන අංශයක් වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙසට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා පොලිස්පතිවරයාට ඊයේ (01 වැනිදා) නියෝග කොට තිබෙනවා

එම සිද්ධියෙන් පහරකෑමට ලක්ව සිටින නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා හා පොලිසිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා කළ ඉල්ලීම මත මහෙස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී තිබෙනවා .
නඩුවේ දෙපාර්ශ්වයේම නීතිඥ මහත්වරුන් කරුණු ඉදිරිපත් කරමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන අපක්‍ෂපාතී හා ස්වාධීන ආකාරයෙන් සිදුකිරීම සඳහා එය පෑලියගොඩ පොලිසියෙන් ඉවත්කර වෙනත් විශේෂ විමර්ශන අංශයකට යොමුකරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

පසුගිය පෙබරවාරි 26 දා පෑලියගොඩ පොලිසිය විසින් මිගාර ගුණරත්න මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත. නඩුව යළි ලබන 15 වැනිදා කැඳවීමට නියමිතය.

Rate this item
(0 votes)