April 20, 2024

කොරෝනා මලසිරුරු ශිතාගාරවල හිරවෙලා! භූමදාන කරන ස්ථාන දෙකක් හඳුනාගනී

කොරෝනා වැළදී මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය කිරීමට සුදුසු ස්ථානයක් සොයා බලන තෙක් එම මලසිරුරු ශීතාගාරවල තැන්පත් කර තැබීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ.

මේ අනුව සුදුසු ආරක්ෂිත ස්ථානයක් සොයාගන්නා තෙක් කොවිඩ් මෘතදේහ භූමදානය ප්‍රමාද වනු ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

එලෙස සුදුසු ස්ථානයක් සොයා ගන්නා තෙක් කොරෝනා මෘතදේහ භූමදානයට අදාල මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛය නිකුත් කිරීමට ප්‍රමාද වනු ඇත.

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින් මෘත දේහයන් භූමදාන කිරීම සඳහා ස්ථාන දෙකක් හඳුනාගෙන තිබේ.

මේ අතර ඒෂියන් මිරර් කළ සොයා බැලීමකදී වාර්තා වූයේ නැගෙනහිර පලාතේ අම්පාර ප්‍රදේශයේ ස්ථානයක් මෘත දේහයන් භූමදාන කිරීමට හඳුනා ගෙන ඇති බවයි.

මීට පෙර මන්නාරම ප්‍රදේශයේ ද ස්ථානයක් හඳුනාගෙන තිබිණි.

මෙරට භූගත ජල මට්ටම පහතින් ඇති ප්‍රදේශ ලෙස මෙම ප්‍රදේශයන් හඳුනාගෙන ඇතැයි ද වාර්තා වේ.

Rate this item
(0 votes)