April 25, 2024

ඉන්දීය ගුවන් යානා 23ක් කටුනායකට ගොඩබායි (PHOTOS)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් ඉන්දීය ගුවන් හමුදාව , ගුවන් යානා සංදර්ශනයක් සදහා සිය ගුවන් යානා 23 ක් කටුනායක ගුවන් හමුදා කදවුර වෙත රැගෙන විත් ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය .

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ආරාධනයෙන් මෙම ගුවන් යානා මෙසේ කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණ තිබේ .

මෙසේ පැමිණ ඇති ගුවන් යානා අතර ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් යානා සංදර්ශන කණ්ඩායමක් වන "සූර්ය කිරන් " ගුවන් යානා කණ්ඩායමේ ගුවන් යානා 09 ක් පැමිණ තිබේ .

මෙම ගුවන් යානා එංගලන්තයේ නිෂ්පාදිත  " හෝක් " (Hawk ) වර්ගයේ ගුවන් යානා වේ .

මීට අමතරව " සාරාන් " ( sarang ) හෙලිකොප්ටර් සංදර්ශන කණ්ඩායමට අයත් හෙලිකොප්ටර් යානා 04 ක් ද පැමිණ තිබේ .

එසේම " තේජස් " නැමැති සැහැල්ලු ප්‍රහාරයක ගුවන් යානයක් පැමිණ තිබේ .

මෙම සාරාන් හෙලිකොප්ටර් සහ තේජස් සැහැල්ලු ප්‍රහාරයක ගුවන් යානා ඉන්දියාවේ " හින්දුස්තාන් ඇරෝනැටික් සමාගමේ " නිෂ්පාදනයක් වේ .

මෙම ගුවන් යානා 14 ට අමතරව , මෙම ගුවන් යානා සදහා අත්‍යාවශ්‍ය සැපයුම් රැගෙන තවත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 09 ක් ද කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණ තිබේ .

එසේම ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු සියලුම ගුවන් යානා ද මෙම ගුවන් යානා සංදර්ශනය සදහා එක්විටම නියමිත බැව් ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය .

මෙම ශ්‍රී ලංකා සහ ඉන්දීය ගුවන් හමුදා ගුවන් යානා සංදර්ශනය මේ මස , එනම් මාර්තු මස 03 , 04 , සහ 05 යන දින වල සවස 5.00 සිට 6.00 දක්වා කාළය තුළ කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතය .

 

Rate this item
(0 votes)
Last modified on Monday, 01 March 2021 15:01