April 25, 2024

අමාත්‍යංශ දෙකක් සඳහා නව ලේකම්වරු පත් කරයි

අමාත්‍යංශ දෙකක් සඳහා නව ලේකම්වරු පත්කර තිබේ.

ඒ අනුව, කෘෂිකර්ම අමාත්‍යංශයට සහ බතික්, අත්යන්ත්‍ර, රෙදි සහ දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශයට නව ලේකම්වරු පත්කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ලෙස එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස බී. එල්. ඒ. ජේ. ධර්මකීර්ති මහතා ද පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. 

ඔවුන් දෙදෙනා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා අතින් පත්වීම් ලිපි භාර ගෙන තිබේ.

Rate this item
(0 votes)