April 20, 2024

අම්මලා 9 දෙනෙකු ඉල්ලූ සුනාමි "බේබි 81" නව කඩයිමකට පා තබයි (VIDEO)

2004 දෙසැම්බර් 26 සුනාමි ඛේදවාචකයෙන් අතුරුදහන්වී පසුව සොයාගත් රෝහලේදී මව්වරුන් 9 දෙනකු උරුමකම් කී සුනාමි "බේබි -81" යන කල්මුනෙහි පදිංචි ජෙයරාස් අබිලාස් අද අ.පො.ස සා.පෙළ විභාගයට පෙනී සිටියි.

කලුතාව්ල නිවසේ ඉදිකර ඇති සුනාමි ස්මාරකයට තම මව්පියන් සමග පුෂ්පෝහාර දක්වා පසුව සෙට්ටිපාලයම් මහා විද්‍යාලයේ පිහිටා ඇති විභාග මධ්‍යස්ථානයට ගියහ.

කොවිඩ් - 19 සෞඛ්‍ය නීති රීති අනුගමනය කර මුඛ ආවරණ පැළද අබිලාස් විභාගයට පැමිණ සිටියහ. දින 67 ක් වූ අබිලාස් මුහුදු රළට අසු වී ගසාගෙන ගොස් පැය 18කට පසු ගල් පරතයකට ඔබා තිබියදී සොයා ගනා ලදී.

කල්මුනේ මුලික රෝහලේ හෙදියන්ගේ භාරයේ තිබු ඔහුව මව්වරුන් 9 දෙනෙකු  තම දරුවා ලෙස උරුමක්කම කීවද අධිකරණ මාර්ගයෙන් DNA පරීක්ෂණ  සිදුකර පියා වන ජෙයරාජ්ට බාර දෙන ලදී.

ඔහුව රෝහලට ඇතුලත්  කර තිබු ඇඳ අංකය 81 කය නිසා  අබිලාස්  අද සුනාමි බේබි 81 නමින් හඳුන්වයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 01 March 2021 13:33