April 25, 2024

මත්ස්‍ය පැටවුන්ට මුහුද පතුලේ කෘතීම වාසස්ථාන තැන්පත් කිරීමේ ව්‍යාපෘතියක්

මත්ස්‍ය ගහණය වැඩිකිරිමේ අරමුණින් මත්ස්‍ය පැටවුන් සදහා කෘතිම වාසස්ථාන මුහුදු පතුලේ තැන්පත් කිරිම ඊයේ (27) ගාල්ල ධිවර වරාය ආශ්‍රිත මුහුදු තිරයේ දි ආරම්භ කරණු ලැබිය.

විසිතුරු මසුන් මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරිම ධිවර වරාය සංවර්ධන බහුදින ධිවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය ඇමති කංචන විජේසේකර මහතාගේ සහභාගිත්වයෙන් මෙකි වි්‍යපෘතියේ කටයුතු ආරම්භකරණු ලැබිය.

කෘතීම වාසස්ථාන මුහුදු පතුලේ තැන්පත් කිරීමේ ව්යාපෘතියේ දෙවන අදියර යටතේ දකුණු මුහුදු කලාපය කේන්ද්‍ර කරගෙන ගාල්ල ධීවර වරාය ආශ්‍රිත මුහුදු තිරයෙන් මෙය ආරම්භ කරණු ලැබිය.

ඊයේ දින අබලන් බස් රථ 04ක් සයුර නෞකාවෙන් රැගෙන ගොස් ගාල්ල ධිවර වරායේ සිට නාවික සැතපුම් 08ක් පමණ දුරින් මුහුදු පතුලේ තැන්පත් කරණු ලැබිය. මෙකි ව්‍යාපෘති යටතේ අබලන් බස්රථ 25ක් හා බෝට්ටු 05ක් ගාල්ල ධිවර වරාය ආශ්‍රිත මුහුදු තිරයේ තැන්පත් කිරිමට නියමිතව ඇති බැව් ගාල්ල  දිස්ත්‍රික් සහකාර ධිවර අධ්‍යක්ෂක ඩබ්ලිව්.ඒ මදුසංක මහතා පවසයි.

මෙම ව්යාපෘතිය ධීවර දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන්   ශ්‍රි ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව, නාරා ආයතනය සහ  ශ්‍රි ලංකා නාවික හමුදාව ඒකාබද්ධව  ක්‍රියාත්මක කෙරේ.

වරායන් තුල වසර ගණනාවක් ගොඩ ගැසී තිබූ භාවිතයෙන් ඉවත් කරන ලද සහ නීති විරෝධී කටයුතු තුලින් රාජසන්තක කරන ලද ධීවර යාත්‍රා, හා ධීවර දෙපාර්තමේන්තුවේ මුල්‍ය ප්‍රතිපාදන මගින් මිලදී ගත් භාවිතයෙන් ඉවත් කරන ලද පැරණි බස් රථ සහ දුම්රිය මැදිරි කොටස් සහ පුද්ගලයන් විසින් ලබා දෙන ලද භාවිතයෙන් ඉවත් කල මෝටර් රථ  මෙකි වි්‍යාපෘතිය සදහා භාවිතා කිරිමට නියමිතව ඇත.

මෙය මත්ස්‍ය ගහණයට මෙන්ම කිමිදුම් සංචාරක කර්මාන්තය දියුණු කිරීමටද ඉවහල් වනු ඇති බැව් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඉදිරි මාස තුනක කාලය තුල හම්බන්තොට, මාතර සහ ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ මෙය ක්‍රියාත්මක වේ.

පළමු අදියර ත්‍රිකුණාමලය අවට නැගෙනහිර මුහුදු සිමාවේ ස්ථාන 32 සාර්ථකව  ක්‍රියාත්මක කරණු ලැබිය. සෞභාග්‍ය ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදී  ශ්‍රි ලංකා මුහුදු කලාපය තුල මත්ස්‍ය ගහණය වැඩි කිරීමේ අරමුණින් මෙකි වි්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

(ලලිත් චාමින්ද)

Rate this item
(0 votes)
Last modified on Monday, 01 March 2021 10:46