April 20, 2024

"මට චෝදනා නෑ මම නම් ගොඩ" යහපාලන අගමැති යහපාලන ජනපතිට කියයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තාවේ ඊට තමා සම්බන්ධ බවට සදහනක් නොමැති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ප්‍රකාශ කොට තිබේ.

ඒ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සඳහා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයේ පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර දෙදෙනා අතර ඇති වූ කතාබහේදීය.

එහිදී සිරිසේන මහතා සදහන් කොට තිබෙන්නේ තමාව වාර්තාවෙන් හිර කොට තිබෙන බවත් මේ සම්බන්ධයෙන් තමා නීති පියවර ගැනීමට සූදානම් බවය.

තමාගේ නම වාර්තා වී නොමැති වුවත් ප්‍රශ්නයක් පැමිණියහොත් ඊට මුහුණ දීමට තමා ද සූදානම් බව වික්‍රමසිංහ මහතා එහිදී සිරිසේන මහතාට දැනුම් දී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 01 March 2021 10:51