April 23, 2024

රනිල්ට, කරූගේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය වහ කදුරු වෙයි

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තාව පිළිබඳව විවිධ ක්ෂේත්‍ර දැනුවත් කිරීමේ වැඩපිළිවෙළට එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කිරීමේ වගකීම පැවරී තිබුණේ සමගි ජන බලවේග මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතාටය.

ඒ අනුව සේනාරත්න මහතා සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න මහතා ඉකුත් දිනක එජාප නායක වික්‍රමසිංහ මහතා මුණගැසී මේ සම්බන්ධයෙන් ආරාධනා කළ අවස්ථාවේ මෙම වැඩපිළිවෙලට සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය සම්බන්ධ වීම පිළිබඳව වික්‍රමසිංහ මහතාගේ අසතුට පළ කොට තිබේ.

සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය සමග එක්ව මේ වැඩේ කිරීමට අසීරු බවත් ජනතා විමුක්ති පෙරමුණ වෙනම ගමනක් යන බව සේනාරත්න මහතාට පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා සමග සම්බන්ධවී ස්වාධීනව වෙනම වේදිකාවකින් මේ වැඩේ ආරම්භ කරණු යැයි සේනාරත්න මහතාට යෝජනා කොට තිබේ.

එහෙත් ඊට සේනාරත්න මහතාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැත.

2015 මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට ගෙනඒම සඳහා ප්‍රධානම කාර්යභාරය ඉටු කළේ එවකට අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමිගේ නායකත්වයෙන් යුතුව තිබූ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයය.

එහෙත් උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු දැන් එම ව්‍යාපාරයට නායකත්වය දී තිබෙන්නේ හිටපු කථානායක කරු ජයසූරිය මහතා වන අතර එහි ක්‍රියාකාරීන් දිගින් දිගටම යහපාලන ආණ්ඩුව අසමත්වීම සම්බන්ධයෙන් චෝදනාව වික්‍රමසිංහ මහතාට එල්ල කරමින් සිටී.

Rate this item
(0 votes)
Last modified on Monday, 01 March 2021 10:45

Related items