March 28, 2024

ජනපතිගෙන් පාසල් දැරියක් කළ ඉල්ලීම පැය දෙකක් තුල ඉටුවෙයි

ත්‍රිකුණාමලය, මැදවච්චිය විද්‍යාලයේ ක්‍රීඩාංගනයේ සංවර්ධන කටයුතු යුද හමුදාව විසින් ආරම්භ කර තිබේ.

එම ක්‍රිඩාංගනය සංවර්ධනය කර දෙන ලෙස මැදවච්චිය විද්‍යාලයේ ශිෂ්‍යාවක් ගෝමරන්කඩවල, කිවුලේකඩවල ප්‍රදේශයේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනේ දී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබුණි.

එම අවස්ථාවේදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මැදවච්චිය විද්‍යාල ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීමේ කටයුතු යුද හමුදාව වෙත පවරනු ලැබු බව සඳහන් වේ.

ඒ අනුව පැය 2 ක කාලයක් ඉක්මවා යාමටත් පෙර යුද හමුදාවේ ඉංජිනේරු සේනාංකය විසින් මැදවච්චිය විද්‍යාල ක්‍රීඩාංගනයේ සංවර්ධන කටයුතු ආරම්භ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Rate this item
(0 votes)