April 24, 2024

විමල් ඇවිල්ලා අවුලක් කලානම් දෙන්න තමයි අපි හිටියේ Featured

විමල් සහ වාසුදේව නානයක්කාර අමාත්‍යවරුන්ගේ ඉල්ලීමකට අනුව කැඳවූ පක්ෂ නායක රැස්වීමට එම දෙපළම සහභාගී නොවූ හේතුව හෙළිදරව් වෙමින් තිබේ.

එම රැස්වීමේදී විශේෂයෙන්ම විමල් වීරවංශ අමාත්‍යවරයාට වාග් ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් තිබු බව කලින්ම ආරංචි වීම එම හේතුව වේ.

විමල් වීරවංශ අමාත්‍යවරයා එම පක්ෂ නායක රැස්වීමට පැමිණ අවුලක් ඇති කළේ නම් පෙරළා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පොදුජන පෙරමුණේ ම පිරිසක් සූදානමින් සිටි තිබේ.

විමල් වීරවංශ අමාත්‍යවරයා පක්ෂ නායක රැස්වීමට නොපැමිණීම පිළිබඳව ඉතා කිට්ටුවන්තම මිත්‍රයකු වන උදය ගම්මන්පිල මහතාගෙන් එම පක්ෂ නායක රැස්වීමට සහභාගි වූ අන් පක්ෂ නායකයින් විමසා ඇති අතර ගම්මන්පිල මහතා ඊට පිළිතුරු ලෙස සඳහන් කර තිබෙන්නේ තමන් ඒ බව නොදන්නා බවය.

Rate this item
(1 Vote)