March 28, 2024

මට තියෙන්නෙත් ආයතන දෙකයි : ඒත් කැලෑ කැපිල්ල ගැන අහන්නේ මගෙන් - මමත් අසරණයි

February 28, 2021

තමා පරිසර අමාත්‍යවරයා වුවද තමා යටතේ තිබෙන්නේ ආයතන දෙකක් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

එහෙත් ආණ්ඩුවේ ඇතැම් පුද්ගලයන්ගේ අවශ්‍යතා මත කපන කැලෑ සම්බන්ධයෙන් මාධ්‍ය විමසන්නේ තමන්ගෙන් බවද අමරවීර අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙයි.

මේ තත්ත්වය තුළ තමාද අසරණ වී ඇති බව අමරවීර අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක කමිටු රැස්වීමේදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස විසින් කැලෑ කපන එක ගැන පරිසර ඇමැතිවරයා විදිහට ඔබේ අදහස කුමක්දැයි යන්න කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලෙසය.

රජය කරන සියලු වැරදිවලට ශ්‍රීලනිපය වගකිව යුතු නැති බව ද එහිදී මහාචාර්ය පියදාස විසින් සඳහන් කොට තිබේ.

Rate this item
(0 votes)

Related items