April 20, 2024

“Mowgli” චිත්‍රපටයෙන් යම් යම් කොටස් ගත්තා - මට බනින්නේ මෝඩ පහේ තරුණයෝ ටිකක් - සුනිල් ටීගෙන් සැර කතාවක්

සුනිල් ටී ප්‍රනාන්දු කියන්නේ අපේ රටේ ඉන්න ඉතාමත් ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. ඔහුගේ 72වන සිනමාපටය ලෙස පසුගිය දිනවල අපට සැදුනු අපේ ලෝකයේ සිනමා පටය සිනමා ශාලාවලදී තිරගත වීමට පටන් ගත්තා.

මෙම සිනමා සිනමාපටය තිරගත වීම ආරම්භ කිරීමත් සමඟ සුප්‍රකට Disney ආයතනය jungle book සිනමාපටය කොපි කලා යැයි කියමින් ඇතැම් පාර්ශ්ව මෙම නිර්මාණය නිර්දය ලෙස හෙළා දැක තිබුණා. නිර්මාණය ඉස්සුවා යන චෝදනාව යටතේ විවිධ තැන්වලදී දොස් නගා තිබුණා. මෙම චිත්‍රපටයේ ඇත්ත නැත්ත ගැන එහි නිෂ්පාදක සුනිල් ටී ප්‍රනාන්දු මහතා සති අන්ත පුවත්පතකට අදහස් දක්වා තිබුනේ මෙන්න මේ විදිහට..

“අපට සැදුණු අපේ ලෝකය” එක්ක, මේ දවස්වල ඔබේ වැඩ කටයුතු සකස් වෙන්නේ කොහොමද?   

දවස්වල ඉතාම කාර්යබහුල වෙලා ඉන්නේ චිත්‍රපටයත් එක්ක. මේක මගේ 72 වැනි සිනමා නිෂ්පාදනයනේ. ඇත්තටම කිව්වොත්, අපට සැදුණු අපේ ලෝකය නිර්මාණය කරන්න අපේ රටේ කුඩා දරුවන්ට. ඔවුන් වෙනුවෙන්, ඔවුන්ගේ රසවින්දනයට.නමුත් බලාපොරොත්තු වූ තරම්  කුඩා දරුවන් චිත්‍රපටය නරඹා නැති බවක් පෙනෙනවා. මේ කොවි තත්වය නිසා තමයි ඒක එහෙම වෙලා තියෙන්නේ. ඉතින් ඉදිරියේදී බොහෝ පිරිසක් මෙය නරඹයි සහ කුඩා දරුවන් තව තවත් කැමැත්තෙන් මේක වැලඳගනියි කියන අදහසින් වැඩ කටයුතු කරගෙන යනවා.

චිත්‍රපටය සඳහා ලැබෙන ප්‍රතිචාර කොහොමද? බලාපොරොත්තු වූ තරමට ප්‍රතිචාර තියෙනවද?   

ඉතාමත්ම හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒ ගැන විවාදයක් නෑ. නමුත් මම අර මුලින් කිව්වා වගේ සෞඛ්‍යමය ගැටලු නිසා මිනිස්සු සිනමා ශාලාවලට එන්න බයයි. මවුපියො සිනමාශාලාවට ඇවිල්ලා මේක දරුවන්ට පෙන්වන්න බයයි කොවි ගැටලුව නිසා. මේ දවස්වල ප්‍රචාරණ කටයුතු මම අඛණ්ඩව සිදු කරනවා ප්‍රතිචාර වැඩි කරගන්න ඕන නිසා. විශේෂයෙන්ම කියන්න ඕන ආණ්ඩුවේ ආයතනවලින් නම් කිසිම සහයෝගයක් ලැබුණේ නැහැ මේකෙ ප්‍රචාරණ කටයුතුවලට. නාළිකා විධියට “ස්වර්ණවාහිනිය සහ “සියත” විතරයි මට උදවු කළේ.

සිනමාව සඳහා රජයේ අනුග්‍රහය මදිකම, දේශපාලනික වශයෙන් ලැබෙන සහායේ අඩුකම කියන කාරණාව සම්බන්ධව ඔබ දරන මතය මොකක්ද?   

අපි තේරුම්ගන්න ඕන මේක ගාමිණි ෆොන්සේස්කාගේ යුගය නෙවෙයි. මේක සිනමාව සාමාන්‍යකරණයවුණු සිනමා යුගයක්. අවුරුද්දට cinema festival 6ක් විතර මේකෙ පෙන්වනවා. ඒවා බලන ප්‍රේක්ෂක ප්‍රජාව හිතනවා ඒ festival තරම්ම රටේ සිනමාව ආකර්ෂණීයයි කියලා. නමුත් ඇත්ත කතාව මේක අර්බුද ගොඩයි. ගොඩක් කියන්නේ ඉහේ කෙස් ගාණටම අර්බුද මිනිස්සු සිනමාශාලවලට යන්නෙ නැහැ, හදන චිත්‍රපට පෙනවන්න සිනමාශාලා නැහැ, චිත්‍රපට හැදුවම නිර්මාණකරුවන්ට කොස්ට් එකවත් කවර්කරගන්න බැහැ. ගැටලු ගොඩයි. මම වුණත් චිත්‍රපට කරන්නේ මගේතනි වියදමෙන්. අනුග්‍රහය දක්වන්න කිසි කෙනෙක් නැහැ. සහයෝගයට කිසි කෙනෙක් නැහැ. බොරුවට තැතැන්වල නම් කියනවා සිනමාව අපි ගොඩදානවා, සිනමාව වෙනුවෙන් අපි අරව කරනවා, මේවා කරනවා වගේ දේවල්. හැබැයි විය යුතු දේකවදාවත් මේකෙ ඉන්න බලධාරියෝ කරලා නැහැ. ඉතින් මට අදාළ බලධාරීන්ට තියෙන්නේ ඔයාලා මේක ගොඩනඟන්න ලෑස්ති නම්, ඕනම විධියක සහායක් දෙන්න මමත් ලෑස්තියි. මොකද මේක තියෙන්නේ තවමත් ගොඩදාන්න පුළුවන් මට්ටමේ.

මේ චිත්‍රපටය ‘Jungle Book සිනමා පටයේ කොපියක් යැයි කියමින් සමාජ ජාලාවල ඇතමුන් ඔබට සහ නිර්මාණයට බොහොම නිර්දය විධියට පහරදෙන අයුරු අපි දුටුවා. මේ සම්බන්ධව ඔබට කියන්න තියෙන්නේ මොනවද? මේ විවේචන ඔබ භාරගන්නවද?

ඔව්, මම දැක්කා. ෆිල්ම එකක trailer එකක්වත් හරියට බලපු නැති අය තමයි ඔය වගේ කතා කියන්නේ, ඔහොම පහරදෙන අය කිසිම දවසක ෆිල්ම් එකක් බලලා නෑ, ජීවින්ට සිංහල සිනමාව ගැන හැදෑරීමක් කරලා නෑ. ඔවුන් youtube හෝ වෙනත් ඇප් එකක ඔන්ලයින් TV seriesටිකක් බලලා ඒකතමයි මාර එකකියලා හිතාගෙන ඉන්නවා එච්චරයි. තවත් අය ඉන්නවා අරයා ගහන නිසා මමත් ගහන ටයිප්. ගහන්න හරියට හේතුවක්වත් ඔවුන් දන්නේ නෑ. මම කියන්නේම් එක බලපු අය දන්නවා මේකෙ තියෙන්නේ මොකක්ද කියලා. ඉතින් ඒ නිසා මට ඔය සමහරක් මෝඩ පහේ තරුණ කණ්ඩායම් කියන කතා වැඩක්ම නැහැ. තවත්  අතකට ඔවුන් මේකට ගහන්න ගහන්න වංක්‍රියවම ඒක negative marketing එකක් වෙලා publicity එකක් හැදෙනවා. මොකද ලංකාවේ ගොඩක් වෙලාවට බලන්න එපා කියන ෆිල්ම් තමයි මිනිස්සු හොයන් ගිහින් බලන්නේ. මම මේ වෙලාවේ හැමදේම වාසියට පෙරළගෙන වැඩ කරනවා.

ඔය කියන විධියට ඇත්තටම ‘Jungle Book සිනමා පටය අනුකරණය කරලා මේ චිත්‍රපටය නිර්මාණය කළා නම්, එහි මුල්අයිතිකරුවන්ට යම් වෘත්තීයමය අසාධාරණයක් වෙනවා නේන්ද?  මේක’Jungle Bookඑකේ කොපියක් කියන්නේ කොහොමද? ඒක කාට හරි ඔප්පු කරන්න පුළුවන්ද? අනිත් එක ලංකාවෙ මම විතරද කොපි කරන්නේ? කොපි කරපු වෙන නිර්මාණ මේකෙ ඇතුළෙ නැද්ද?

එහෙම බැලුවම ධර්ම යුද්ධය සිනමා පටයත් කොපියන්නේ. මම බොහොම වගකීමෙන් කියනවා මේක ‘Jungle Book’ සිනමා පටයේ කිසිම කොටසක් නෑ. මම එහෙම දේකට උත්සාහ දරලත් නෑ, Mowgli’ සිනමා පටයේ නම් යම් යම්කොටස් මේකට අරගෙන තියෙනවා නිර්මාණයේ රසය වැඩිකිරීමේ අදහසින්.

Disney ආයතනය මේ නිර්මාණයේ ප්‍රකාශන හිමිකමක් (Copywright claim) සම්බන්ධව යම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තොත්, ඇතිවෙන තත්වයට ඔබ මුහුණ දෙන්නේ කොහොමද?     

එහෙම ගැටලුවක් ආවොත්, මම ඒකට මූණ දෙනවා. මම බය නෑ, බයක් තියෙනවා නම් මම මේ නිර්මාණය කරන්නේ නෑ. අනිත් එක බලා බිරුවට කදු පාත් වෙන්නේ නෑ කියන කතාව මම විශ්වාස කරනවා. මම ඕන දේකට ලෑස්ති වෙලා ඉන්නේ. එචරයි මට කියන්න තියෙන්නේ.

ඔබ අඛණ්ඩව චිත්‍රපට 72ක් නිෂ්පාදනය කළාට ලංකාවේ චිත්‍රපටයක් කරන්න නිෂ්පාදකයෙක් සොයාගන්නවා කියන කාරණාව අද බොහොමයක් නිර්මාණකරුවන්ට අතිශය අපහසු කාර්යයක්. ලංකාවේ සිනමා නිෂ්පාදකවරු අඩු වෙන්න බලපෑම් සහගත වෙන තීරණාත්මකම කාරණාව මොකක්ද? 

නිෂ්පාදකයො අඩුවෙන්න හේතු ගොඩක් තියෙන්න පුළුවන්. නමුත් ප්‍රධානතම හේතුවකරන ෆිල්මස්වලින් ලාභයක් නැතිකම. ලංකාවේ ගොඩක් කරන්නේ ලාභයක් නොලැබෙන ෆිල්මස්ෆිල්ම එකක් කරලා ලාභයක් නොලැබෙනකොට ඊළඟට තව චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න කිසිම නිෂ්පාදකවරයෙක් උත්සුක වෙන්නේ නැහැ තමයි. මම ගහන චිත්‍රපටවලින් මට ලාභයක් ලැබෙනවා. මම හැම වෙලාවෙම ලාභයක් ලැබෙන චිත්‍රපට නිර්මාණය කරනවා. ඒක තමයි මම චිත්‍රපට 72ක් වසර 35ක් තුළ නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉබාගාතේ යනවා වගේ වෙන වෙන බලාපොරොත්තු  තියාගෙන මේ ක්ෂේත්‍රයට ආවට, නිෂ්පාදකවරු විධියට සාර්ථක වෙන්න බැහැ. මිනිස්සු impress වෙන විධියෙ ෆිල්ම හදන්න බලාගෙන එන්න ඕන. අරමුණක් තියෙන්න ඕන. අනික මේක ඇතුළේ දවසින් දෙකෙන් මාර නිෂ්පාදකවරු වෙන්න බැහැ. සුනිල් ටී. කෙනෙක් වෙන්න බැහැ. එහෙම වෙන්නනම් කාලයක් මේක අල්ලගෙන ඉන්න ඕන.

මෙරට සිනමාව තුළ විදේශීය ආභාසයන් සහිත අනුකරණයන් වැඩිවෙලා, ස්වතන්ත්‍ර නිර්මාණ අඩුවෙන්න බලපෑහගත වෙලා තියෙන කාරණා මොනවද?    

මේක මේ අද ඉඳලා තියෙන දෙයක් නෙවෙයි. ඒ කාලේ ඉඳන්ම ඉන්දියාවේ කොපි තමයි මෙහේ ගොඩක් නිර්මාණය කරලා තියෙන්නේ. 2%ක් වගේ ප්‍රමාණයක් තමයි ඒ සිට මේ දක්වා ස්වතන්ත්‍ර නිර්මාණ බිහිවෙලා තියෙන්නේ. ස්වතන්ත්‍ර නිර්මාණ බිහිවෙන්නම ඕන කියන මතේක මම නැහැ, මොකද ඉන්දියාවෙන් හෝ වෙනත් කොහේ හෝ තැනකින්දෙයක්ගෙනැල්ලා හැදුවත්, නිර්මාණය හොඳ නම් මිනිස්සු බලනවා. කොපියක් වුණත්, ස්වතන්ත්‍ර වුණත්, නිර්මාණය රසවත්නම් ආදායම එනවා. චිත්‍රපටය ජනප්‍රිය වෙනවා සහ රඟපාන නළු නිළියො ගොඩ යනවා. ඉතින් මම කියන්නේ මිනිසුන්ට බලන්න පුළුවන් විධියෙ ෆිල්ම් එකක් නම් අපි හදන්නේ  ඒක තන්තුද නැද්දකියන එක ගැටලුවක් නෙවෙයි. ඒ ගැන හිතන්න ඕන නැහැ.

සම්භාව්‍ය ගණයේ චිත්‍රපටවලට ඔබ වැඩිපුර දායක නොවන්නේ ඒවයේ චිත්‍රපට බලන්න තරම් සවිඥානික රසික ප්‍රජාවක් ලංකාවේ නැති නිසාද?     

මම සම්භාව්‍ය මාදිලියේ සිනමා පට කරලා තියෙනවා. සෙව්වන්දියේ, අනගාරික ධර්මපාල වගේ ඒවා තමයි ඒකට හොඳම උදාහරණ. නමුත් මම ඒකෙ දිගටම නියැළෙන්න ගියේ නෑ. ඒකට හේතුව සවිඥානික ප්‍රේක්ෂක ප්‍රජාවක් රටේ නැතිකම නෙවෙයි. ලංකාවෙ සම්භාව්‍ය චිත්‍රපට ගහලා ගොඩයන්න බැරිකම. ඕවා කරලා සිනමාව ඇතුළේ මූල්‍යමය වශයෙන් ගොඩයන්න බැහැ. ලාභ උපයන්න බැහැ. වෙනම රසයක් නම් දෙන්න පුළුවන්. මූල්‍යමය වශයෙන් ගොඩයන්න නම් මිනිස්සු බලන විධියේ චිත්‍රපට කරන්න ඕන. සම්භාව්‍ය කියන කෑල්ල පැත්තකින් තියලා ලංකාවේ ප්‍රේක්ෂකයන්ගේ රසවින්දන කලාපය නිර්මාණකරුවන් හරියට අදුනගන්න ඕන.

සිනමාව හෝ වෙනත් ක්ෂේත්‍රයක් වේවා, මෙරට නිර්මාණකරුවන්ගේ නිර්මාණවල ප්‍රකාශන අයිතියක් සුරකින්න යම් ප්‍රතිපත්ති මාලාවක් නැතිකම සමිබන්ධව ඔබේ අදහස මොකක්ද?     

ලංකාවෙ මිනිස්සු හරි කුහකයි. ඔය ප්‍රකාශන හිමිකම වගේ කාරණාවලදී සමස්තය වෙනුවෙන් පොදුව පෙනී සිටීමක්කරන්නේ නැතිව, ගොඩක් වෙලාවට හැමෝම උත්සාහ කරන්නේ තමන්ගේ නිර්මාණයේ පෞද්ගලිකභාවය විතරක් ආරක්ෂා කරගන්න. තමන්ගේ නිර්මාණයේ ප්‍රකාශන හිමිකම විතරක් රැකගන්න.ප්‍රකාශන හිමිකම සම්බන්ධව පොදු ප්‍රතිපත්තියක් ගොඩනඟාගන්න, ඒ සම්බන්ධව රජයෙන් ඉල්ලීමක් කරන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නෑ. සමහර නාළිකාවල ගායකයොන්ගෙ ගීත විකාශය කරනවා. ගායකයාට අදාළ ආදායමෙන් රුපියලක් පස්සේ දෙන්නම්කියලා. නමුත් ටික දවසක් යද්දී රුපියල නෑ.නිර්මාණකරුවාව මතකත් නැහැ. ඒක හරිම අවුලක්. මේකට රජයම මැදිහත් වෙලා යම් ක්‍රියාමාර්ගයක් ගන්න ඕන කියන තැනයි මම නම් ඉන්නේ. රජයෙන්ම තමයි ප්‍රකාශන හිමිකම සම්බන්ධව ප්‍රතිපත්තියක් ගේන්න ඕන.

සිනමාවෙන් ගොඩයන්න බැහැ කියන කාරණාව පැත්තකිතියලා සිනමාව තුළින් මූල්‍යමය වශයෙන් ස්ථාවරත්වයක් ඇති කරගන්න, ඔබ සෙසුනිර්මාණකරුවන්ට කරන යෝජනා මොනවද?   

ඉන්දියාව එක්ක සංසන්දනය කළොත්, අපි හරිම පොඩි රටක්. මේ පොඩිරට ඇතුළෙ හදන සිනමාව රටෙන් එළියට යවන්න නම්, මහ විශාල මෙහෙයුමක් කරන්න ඕන. ලොකුම ප්‍රශ්න අපි කරන නිර්මාණ ජාත්‍යන්තරයට යන්නේ නැති එකනෙ. අපි මුලින් ඒක අදුනගන්න ඕන. අපේ රටේ මිනිස්සු මිලියන 4ක් පමණ විදේශගත වෙලා ඉන්නවා. අන්න ඔවුන්ව ඉලක්ක කරලා ඔවුන්ට අපේ සිනමාව පෙන්වන්න පුළුවන්කමක් ඇති කරගත්තොත්, මේක ජාත්‍යන්තරයට යවන්න පුළුවන්.එතැනින් මූල්‍යමය වශයෙන්ස්ථාවරත්වයක් සිනමාව තුළ ගොඩනගන්න පුළුවන්. අනිත් කාරණාව පෞද්ගලික වශයෙන් සිනමාවේ ඉන්න අයට මූල්‍ය පරිපාලනයක් තියෙන්න ඕන. තමන්ගේ මූල්‍යමය ශක්‍යතාව ගොඩනඟාගන්න තමන් උත්සුක වෙන්න ඕන. සිනමාවෙ ඉඳලා කරගත්ත දෙයක් නෑ කියලා ගොඩක් අය කිව්වට මේකෙ ඉඳලා ගොඩගිය අය ඕන තරම් ඉන්නවා කියලත් මුලින්ම පිළිගන්න ඕන.

ඔබේ ඉදිරි සැලසුම් ගැන අවසාන වශයෙන්කතා කරමු?  

මම මේ දිනවල මේ චිත්‍රපටයට අමතරව තවත් නිර්මාණ දෙකකට දායකත්වය සපයලා තියෙනවා. ඒවත් ඉදිරියේ පැමිණත්න නියමිතයි. එකක් තුන්පාත්රන. අනිත් එක ජගත් මනුවර්ණ සම්බන්ධ වුණු අලුත් චිත්‍රපටය. ඊට අමතරව මම මටම කියලා App එකක් නිර්මාණය කරගෙන ඉන්නවා මේ වෙද්දී. ඒකෙ නම rickyflex.com ලක්ෂ එකහමාරක පමණ subscribers ලා ඉන්නවා. ඒක One million දක්වා ගෙන එන්න සැලසුමක් තියෙනවා. ඉදිරියේදී වසරකට මගේ නිර්මාණ 12ක් වගේ ප්‍රමාණයක් පෙන්වයි ප්‍රේක්ෂකයන්ට. ගොඩක් ඒවා මගේ ඇප්  එකෙන්ම පෙන්වයි. අනිත් ඒවා සිනමා ශාලාවල පෙන්වයි.

(ඉරිදා මව්බිම)

Rate this item
(0 votes)