March 29, 2024

ශ්‍රීලනිපය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් - මෛත්‍රීට චෝදනා කිරීම කුමන්ත්‍රණයේ එක් කොටසක්

February 28, 2021

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එහි නායකයින් විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව එම පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනපති කොමිෂන් වාර්තාව මඟින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට චෝදනා එල්ල කිරීම එම කුමන්ත්‍රණයේ එක් කොටසක් බව ඔහු පෙන්වාදෙයි.

මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා එම අදහස් පළකළේය.

“මේ පාස්කු කොමිසම හිටපු ජනාධිපතිවරයාට චෝදනා ඉදිරිපත් කරලා, හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පියවර ගැනීමට නිර්දේශ ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ ත්‍රස්තවාදීන්ට වැටුප් ගෙවපු කතන්දර තියෙනවා ඉතිහාසයේ. මේවා ගැන හොයලා බලලා කිසිදෙයක් ඉදිරිපත් කරලා නෑ. මේ වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉලක්ක කරගෙන එහි නායකයා ඉලක්ක කරලා නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. මේක සිතාමතා කරලා තියෙන ක්‍රියාමාර්ගයක් විදියට අපි දකින්නේ. කෙසේනමුත් මේ වන විට අපේ පක්ෂයේ නායකත්වය දඩයම් කිරීමට එරෙහිව, පක්ෂය විනාශ කිරීමට සිදුකරන කුමන්ත්‍රණයට විරුද්ධ වෙන ලෙස මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින සියලු බලවේගවලට ආරාධනා කරනවා අපිත් සමග එකතු වෙන්න කියලා.“ යැයි හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)