April 25, 2024

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් බහුතරයක් පොහොට්ටුවට Featured

February 28, 2021

පාස්කු ප්‍රහාර වාර්තාව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොසැලකීම යන කරුණු මුල් කොටගෙන ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ශ්‍රීලනිපයේ සැලකිය යුතු පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසක් සෘජුවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වීමට සූදානමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට මහ මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් 16 දෙනෙකු සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ඇතුළුව ශ්‍රීලනිපය 17 දෙනකු පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

දැනගන්නට තිබෙන ආකාරයට නිමල් සිරිපාල සිල්වා අමාත්‍යවරයා සහ ඔහුගේ මුලිකත්වයෙන් තිබෙන කණ්ඩායමක් ශ්‍රීලනීපය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් එසේ ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින අතර ඊට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය දරන සුරේෂ් රාඝවන් මන්ත්‍රීවරයාද ඇතුළත්ය.

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ශ්‍රීලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන, මහලේකම දයාසිරි ජයසේකර සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතලොස්සක් පමණක් පක්ෂයේ ඉතිරි වෙනු ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රීලනිප ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද මේ වන විට තවදුරටත් ශ්‍රීලනිපයේ සිටිනවාද නැතිනම් පොදුජන පෙරමුණට සෘජුවම සම්බන්ධවනවාද යන්න පිළිබඳ තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.

Rate this item
(2 votes)
Last modified on Sunday, 28 February 2021 10:23