April 24, 2024

නාරංගල කන්දේ අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා ගනී

February 27, 2021

බදුල්ල නාරංගල කන්දේ රාත්‍රී කුඩාරමක් ඉදිකර එහිදි රාත්‍රීය ගත කරමින් සිටියදී ඊයේ (26) රාත්‍රියේ අතුරුදන්වූ තරුණයෙකු ගේ සිරුර එම කන්දේ ප්‍රපාතයක තිබී අද (27) දවහල් සොයා ගෙන තිබේ.

මෙසේ ජිවිතක්ෂයට පත්වූයේ අවිස්සාවේල්ල මානියම පදිංචි මඩවත ආරච්චිගේ අකලංක පෙරේරා නමැති 22හැවිරිදි තරුණයෙකි.

මිතුරන් 6 දෙනෙකු සමග පැමිණ නාරංගල කන්දේ කූඩාරමක් ඉදිකර එහි රාත්‍රිය ගත කරමින් සිටියදී රාත්‍රී 9.30ට පමණ වැසිකිලි යන බව පවසා වතුර බෝතලයක්ද රැගෙන කූඩාරමෙන් පිටතට ගිය ඔහු යළි නොපැමිනි බව ඔහුගේ මිතුරන් පොලිසියට පවසා තිබේ.

යුධ හමුදාව සහ පොලිසිය සිදුකළ සෝදිසි මෙහෙයුමකදි ප්‍රපාතයක් තිබූ මෘත දේහය යුධ හමුදාව විසින් සොයා ගත් බව බදුල්ල පොලිසිය සඳහන් කරයි.

මිතුරන් 6 දෙනෙකු එක්ක නාරංගල කන්දේ රාත්‍රිය ගත කළ තරුණයෙකු අතුරුදන්

Rate this item
(1 Vote)