March 29, 2024

"වාර්තාව ගැන ප්‍රශ්න ඇහුවම ගමේ චණ්ඩියෙක් ලවා කාදිනල්තුමාට චණ්ඩි පාට් දානවා"

February 28, 2021

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ විශ්වසනීයත්වය පිළිබඳව ප්‍රශ්න කළවිට කාදිනල් හිමිපාණන්ට ගමේ චණ්ඩින් ලවා චණ්ඩි පාට් දමන බව එක්සත් පුරවැසි සංවිධානයේ චමීර පෙරේරා මහතා පවසයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වූ විගසම තමන් වත්මන් ජනාධිපතිවරයා රටේ ආරක්ෂාව වෙනුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව සඳහන් කළ බව සිහිපත් කල චමීර මහතා ජනාධිපති මැතිවරණ කාල සීමාවේදී මෙම ප්‍රහාරය දේශපාලන වේදිකා වල කරේ තබාගෙන ගිය බව පැවසුවේය.

නමුත් ජයග්‍රහණය කිරීමෙන් පසුව කාදිනල් හිමිපාණන්ට මැර බලය, චණ්ඩි බලය දමා උන්වහන්සේව නිහඬ කර මෙම ප්‍රහාරයේ සැබෑ වැරදිකරුවන් සැඟවීමට උත්සහයක් ගන්න්න බව බවසු ඒ මහතා තමන්ගේ ප්‍රජාව පිළිබඳව කාදිනල් හිමිපාණන් නොමැතිව වෙන කවුරුන් ප්‍රශ්න කරන්න දැයි මෙහිදී විමසා සිටියේය.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ පැවසීය.

Rate this item
(0 votes)