March 29, 2024

"පාස්කු කොමිසන් වාර්තාව සම්පුර්ණයෙන්ම විකෘති කරලා - වාර්තාව වෙනස් කළේ රාජපක්ෂ කෙනෙක්" - ඥානසාර හිමි Featured

February 28, 2021

පාස්කු කොමිසන් වාර්තාව සම්පුර්ණයෙන්ම විකෘති කර ඇති බවත් එය කුමන්ත්‍රණයක් බවත් බොදුබල සේනා සංවිධානයේ සභාපති ගලබොඩ අත්තේ ඥානසාර හිමි පවසයි.

මෙම පාස්කු කොමිසම් වාර්තාව කුමන්ත්‍රණයක් ලෙස වෙනස් කලේ රාජපක්ෂ පවුලේ කෙනෙක් බවත් එය ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ නැති බවද උන්වහන්සේ සඳහන් කරයි.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට චෝදනා එල්ල වුනේ කෙසේද කියා තමා දන්නේ නැති බවද පාස්කු ප්‍රහාරයේ චූදිතයා තමා බවට පත් කර ඇති බවද  උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරනු ලැබිය.

රාජපක්ෂලාගේ බලාපොරොත්තුව 2025 ජනාධිපති වෙන එක බවත් ඊට අභියෝගයක් වෙන සියලුමදෙනා දේශපාලනයෙන් ඉවත් කිරීම ඔවුනේ බලාපොරොත්තුව බවද ඥාණසාර හිමි වැඩිදුරටත් සඳහන් කරයි.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිණි.

Rate this item
(0 votes)