April 20, 2024

මිතුරන් 6 දෙනෙකු එක්ක නාරංගල කන්දේ රාත්‍රිය ගත කළ තරුණයෙකු අතුරුදන්

February 27, 2021

මිතුරන් 6 දෙනෙකු සමග පැමිණ බදුල්ල නාරංගල කන්දේ රාත්‍රී කූඩාරමක් ඉදිකර එහි රාත්‍රිය ගත කරමින් සිටි අවිස්සාවේල්ල මානියම පදිංචි මඩවත ආරච්චිගේ අකලංක පෙරේරා නැමති තරුණයෙකු අතුරදන්ව ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.

අතුරුදන් තරුණයා සොයා  පොලිසිය හා යුද හමුදාව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර ඇති බව බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත  කන්දෙවත්ත  මහතා පැවසීය.

රාත්‍රී 9.30ට පමණ වැසිකිලි යන බව පවසා වතුර බෝතලයක්ද රැගෙන කූඩාරමෙන් පිටතට ගිය ඔහු යළි නොපැමිණි බව ඔහුගේ මිතුරන් පොලිසියට පවසා තිබේ.

නාරංගල කන්ද  සංචරයට තහනම් ප්‍රදේශයක් බවට ‍පසු දා බදුල්ල දිස්ත්‍රීක් සමබන්ධීකරණ කමිටුව විසින් තීරනය කර තිබූ පරිසර කලාපයකි.

Rate this item
(0 votes)