April 19, 2024

කුමාර වෙල්ගමට සජිත්ගේ පක්ෂයේ ලොකු තනතුරක්

February 27, 2021

නව ලංකා නිදහස් පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් කුමාර වෙල්ගම මහතා ඊට අදාල පත්වීම් ලබා ගෙන තිබේ.

වෙල්ගම මහතා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස ද, ජ්‍යෙෂ්ඨ ජනතා නියෝජිතයෙකු ලෙසද අත්දැකීම් බහුල නායකයෙකි.

Rate this item
(0 votes)