April 25, 2024

රෝහිත රාජපක්ෂ ජනදුක සොයා යයි (PHOTOS)

February 27, 2021

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කනිටු පුත් වන රෝහිත රාජපක්ෂ මහතා පසුගිය දිනෙක සිය පියා මැතිවරණයට ඉදිරිපත් වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවගේ සුවදුක් බැලීම පිණිස ගොස් තිබිණ.

එහිදී ගිරිබාව ප්‍රදේශයේ සංචාරයක නිරත වූ රෝහිත රාජපක්ෂ මහතා එම ගමේ කාන්තාවන්ට රැකියා අවස්ථා ලබා දීමටද පියවර ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් රෝහිත රාජපක්ෂ මහතා තබා තිබූ සටහන මෙසේය.

"ගිරිබාව යනු නගරයෙන් කි.මී. 87 ක් පමණ දුරින් පිහිටි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉතා දුර බැහැර, අවම පහසුකම් සහිත ගම්මානයකි. මෙම ගම්මානයේ පිරිසිදු ජලය, පාසල්, මාර්ග සහ පොදු ප්‍රවාහන පහසුකම් වැනි මූලික අවශ්‍යතා බෙහෙවින් හිඟ ය.

මෙවන් දුෂ්කරතා මැද වුව ද, එම ගම්මානයේ 160ක පමණ කාන්තාවෝ පිරිසක් මේ වන විට පාවහන් නිෂ්පාදනයෙහි නියැළෙති. ඔවුහු දිනකට පාවහන් යුගල 600ක් පමණ නිපදවන අතර ඔවුන්ගේ දෛනික වැටුප රු. 750-1,000 පමණ වේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ, “ලවර්” සපත්තු නිෂ්පාදකයින් විසින් ශ්‍රී ලංකාවේ කාන්තාවන් සවිබල ගැන්වීම සහ ව්‍යවසායකත්වය දිරිගැන්වීම උදෙසා ගත් මෙම මාහැඟී පියවර අපි මහත් සේ අගය කරන්නෙමු."

Rate this item
(0 votes)