April 19, 2024

ගෝඨා, සජිත්, රනිල් එකම තැනක

February 27, 2021

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 43 වන නවම් මහා පෙරහර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) රාත්‍රී පැවැත්විණි.

එම අවස්ථාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරු එක්ව සිටියහ.

පූජ්‍ය ගලබොඩ ඤාණීස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි ගංගාරාම විහාරවාසී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන්ගේ අධීක්ෂණයෙන් පෙරහර සංවිධාන කෙරිණ.

ජනාධිපතිවරයා සධාතුක කරඬුව, මංගල හස්ථි රාජයා මත තැන්පත් කළේය. 

කොවිඩ් වසංගතය නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පෙරහර පවත්වනු ලැබීය.

මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරීහූ, ආරක්ෂක අංශ ප්‍රධානීහූ ඇතුළු පිරිසක් සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

Rate this item
(1 Vote)