April 23, 2024

සජිත් විශේෂ ප්‍රකාශයකට සූදානම්! පක්ෂයේ සියලු දෙනා හයිඩ් පිටියට රැස් කරන්න යයි

February 27, 2021

සමගි ජන බලවේගයේ පලමු පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේදී ලබන මාර්තු 15 වැනදා පැවැත්වීමට තීරණය කර තිබේ.

ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේදී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ පැවති පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබීය.

සෞඛ්‍යය නිර්දේශවලට අනුකූලව සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පක්ෂ සංවත්සරය පැවැත්වීමටද එහිදී තීරණය කර ඇත.

එහිදී පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ.

සංවත්සරය සංවිධානය කිරීමේ කටයුතු පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී සහ උප සභාපති හරීන් ප්‍රනාන්දු මහතා වෙත භාර දී තිබේ.

Rate this item
(4 votes)