April 18, 2024

පක්ෂ 12 අභයාරාම රැස්වීමේ පරස්පරතා හා ප්‍රතිවිරෝධතා Featured

February 26, 2021

මීට ටික දිනකට පෙර නාරාහෙන්පිට අභයාරාමයේදී ආණ්ඩුව තුළ සිටින පක්ෂ 12 විකල්ප කණ්ඩායම හා මහා සංඝරත්නය අතර පැවැති සාකච්ඡාවේදී පරස්පරතා මතුව තිබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

එම සාකච්ඡාවේදී නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මධ්‍යස්ථ තැනක සිටිය ද ඊට සහභාගි වූ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ ඇතැම් යෝජනා පිළිබඳව 12 කණ්ඩායමේ ඇතැම් පක්ෂ සිය ප්‍රතිවිරෝධතාවය මතු කොට තිබේ.

උන්වහන්සේට ප්‍රති විරෝධතා දැක්වූ පක්ෂ සඳහන් කොට තිබෙන්නේ සිය පක්ෂ 12 කණ්ඩායම ජනපතිවරයා සති දෙකකින් යළි මුණ ගැසීමට ප්‍රතිඥාවක් දී ඇති හෙයින් එම ප්‍රතිඥාව ක්‍රියාත්මක වන තුරු ටික දිනක් ඉවසා සිටිය යුතු බවය.

ජනපතිවරයා එම ප්‍රතිඥාව කඩ කළහොත් ඊට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගත හැකි බව ද එම පිරිස පෙන්වා දී තිබෙන්නේ පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ඇතැම් සංවේදී කාරණා සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක විය යුතු බවට කළ යෝජනා මුල්කොටගෙනය.

එහෙත් විමල් වීරවංශ අමාත්‍යවරයා ඇතුළු ඇතැම් පාර්ශව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ අදහස් අනුමත කරමින් උන්වහන්සේට අදහස් දැක්වීමට ඉඩ දි යුතු බව සඳහන් කොට තිබේ.

එම අවස්ථාවට සහභාගී වූ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ද ප්‍රති විරෝධතා දැක්වූ කණ්ඩායමේ අදහස අනුමත කරමින් සඳහන් කොට තිබෙන්නේ තමන් වහන්සේ අද මේ රැස්වීමට පැමිණියේ කැමැත්තකින් නොව නොපැමිණියහොත් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වෙතැයි යන කාරණය නිසා බවය.

Rate this item
(1 Vote)

Related items