April 19, 2024

ආණ්ඩුව ඇතුළේ කැරලි ගහන පිරිසක් - ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු 40ක් බැසිල් හමුවෙයි

February 26, 2021

ආණ්ඩුව නියෝජනය කරන පසුපෙළ නවක මන්ත්‍රීවරුන් 40 දෙනකු ඊයේ (25) සවස පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ජා කොට ඇතැයි වාර්තා වේ.

ආණ්ඩුව ඇතුළේ විවිධ පාර්ශ්ව මේ වනවිට ආණ්ඩු විරෝධී ප්‍රකාශ කරමින් සිටින බවත්, මේ සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙසත් එම නවක මන්ත්‍රීවරුන් කණ්ඩායම මෙහිදී බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

අරලිය ගහ මන්දිරයේදී පැවැති මෙම සාකච්ජාව පැය එකහමාරකට ආසන්න කාලයක් පැවැති බවද ආරංචි මාර්ග පැවසී ය.

Rate this item
(1 Vote)