April 23, 2024

ඉන්දියාවේ ඉල්ලීමට ආණ්ඩුව හිස නමයි - ගුවන් බුබුලක් කඩිනමින් අරඹයි

February 26, 2021

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංචාරක ගුවන් බුබුළක් කඩිනමින් ආරම්භ කිරීමට තීරණය කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංචාරක බුබුළක් ආරම්භ කිරීම සඳහා ඉන්දීය රජය විසින් මෙරට විදේශ අමාත්‍යාංශය වෙත යෝජනාකර තිබුණි.

මෙරට ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සමග පැවැති සාකච්ඡාවකදී දෙරට අතර ගුවන් ගමන් ආරම්භ කර සංචාරක කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවධානය යොමුව තිබුණි.

මේ අතර කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් නතර වී ඇති පලාලි ගුවන් තොටුපළ සහ එහි මෙහෙයුම් යළි ආරම්භ කිරීම පිළිබඳවද ඉන්දීය තානාපතිවරයා සමග සාකච්ඡා කළ බව අමාත්‍යවරයා පැවසීය.

Rate this item
(0 votes)