April 24, 2024

රන්ජන් අපේ පැත්තට එන්න - ආවොත් ඔයා එළියේ : රාජ්‍ය ඇමතිගේ යෝජනාවට විරෝධය (VIDEO)

February 26, 2021

දැනට බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ආණ්ඩුවට එක්වන්නේ නම් නිදහස් කරන බව ඔහුට දැනුම් දී ඇති බව සමගි ජනබලවේගය චෝදනා කරයි.

විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා සඳහන් කරන්නේ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් මෙම දැනුම් දීම කර ඇති බවය.

ඉකුත් දිනෙක රාත්‍රී කාලයේ බන්ධනාගාර නිලධාරියෙකුගේ දුරකතනයට ඇමතුමක් ලබා ගනිමින් රන්ජන් රාමනායක මහතා සම්බන්ධ කරගෙන මෙම ඉල්ලීම කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

Rate this item
(3 votes)
Last modified on Thursday, 25 February 2021 17:04