April 23, 2024

වඳ කොත්තු, වඳ පෙති, වඳ සැත්කම් පාස්කු වාර්තාවේ කෝ? - ජවිපෙ ප්‍රශ්න කරයි Featured

February 26, 2021

පසුගිය මැතිවරණවලදී රාජපක්ෂවරුන් සහ පොහොට්ටුවේ නායකයන් ජාතිවාදය අවුස්සා සිය දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා විවිධ අසත්‍ය ප්‍රචාර සිදුකළ බවත් වඳ පෙති දැමූ කොත්තු, සිංහල කාන්තාවන් වඳ කරන සැත්කම් පිළිබඳව විවිධ චෝදනා එල්ල කළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

කෙසේ නමුත් එම චෝදනාවලට වගකිව යුතු පාර්ශව පිළිබඳව කිසිවක් පාස්කු කොමිසම හමුවේ අනාවරණය වී නොමැති බව ඔහු පවසයි.

ප්‍රහාරකයන්ගේ විස්තර සඟවන, ප්‍රහාරකයන් පිටුපට සිටි ඔවුන්ට අනුබල දුන් නායකයන් සඟවන, ප්‍රහාරකයන්ගේ දේශපාලන අරමුණු සඟවන, හුදෙක් ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ පුද්ගලයන් පමණක් වැරදිකරුවන් කරන වාර්තාවක් බවට පාස්කු කොමිසමේ වාර්තාව පත්ව ඇති බවද අනුර කුමාර දිසානායක මහතා පවසයි. 

අවම වශයෙන් පාස්කු ප්‍රහාරය මරාගෙන මැරුණු කණ්ඩායමේ නායකයා වූ සහරාන් හෂීම් බුද්ධි අංශ වෙත ලබාදුන් බුද්ධි තොරතුරු හෝ ඒ සඳහා ඔහුට ගෙවා ඇති වැටුප් පිළබඳව හෝ අනාවරණය වී නොමැති බව අනුර දිසානායක මහතා පවසයි.

Rate this item
(0 votes)