April 25, 2024

මම එච්චර මෝඩයෙක් නෙවෙයි - ඇමති අලි සබ්‍රිගෙන් ප්‍රකාශයක්

February 25, 2021

තමා අධිකරණ අමාත්‍ය ධූරය දරන කාලය තුළ විහාර හා දේවාලගම් පනත අහෝසි කිරීමට හෝ එහි සංශෝධනයක් කිරීමට කිසිසේත්ම බලාපොරොත්තු නොවන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අවධාරණය කළේය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සබ්‍රි මහතා කියා සිටියේ බුර්කාවෙන් මුහුණු ආවරණය තහනම් කිරීම සහ මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීම සඳහා ද දැනටමත් පියවර ගෙන ඇති බවය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"මම අධිකරණ ඇමතිවරයා වශයෙන් ඉන්නකම් බෞද්ධ විහාර හා දේවාලගම් පනතට අත තියන්නවත් අපේ බලාපොරොත්තුවක් නෑ. හීනෙන්වත් හිතලවත් නෑ. අපි හැමෝම පිළිගන්නවා. මේක අවුරුදු 2500ක ඉතිහාසයක් ඇති, බෞද්ධ ශිෂ්ඨාචාරය මත පදනම් වෙච්ච රටක්. මේ රටේ පුළුවන්ද සිංහල බෞද්ධ ජනතාවගේ පාරම්පරික අයිතිවාසිකම්වලට විරුද්ධව මට නීති ගේන්න. මම එච්චර මෝඩයෙක් නෙමෙයි නේ. නොවැම්බර් වෙනකොට මුස්ලිම් නීතිය සංශෝධනය සඳහා, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා. පොදු ස්ථානවල මුහුණු ආවරණය කිරීම නොකළ යුතුයි කියලා, ඒක එක ප්‍රජාවක් ඉලක්ක කරගෙන නෙමෙයි තීරණය කළේ. රටේ ආරක්ෂාව ගැන හිතලා."

Rate this item
(0 votes)