March 29, 2024

මමත් හොඳ ක්‍රීඩකයෙක් තමයි - ඒ කාලේ හොඳට බැට් කළා (VIDEO)

February 25, 2021

තමන් හොද ක්‍රිකට් ක්‍රීඩකයෙක් බවත් තමන්ට ඒ කාලේ හොදට බැට් කිරීමට හැකියාවක් තිබු බව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට උපසභාපති තනතුරට නාමයෝජනා භාර දුන් බත්තරමුල්ලේ සීලරතන හිමියෝ සඳහන් කරති.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් හිමියෝ මෙම අදහස් පල කරන ලදී.

නමුත් තමන් වහන්සේ ක්‍රීඩා කරන්නේ කළේ සැහැල්ලු පන්දු මිස ලෙදර් පන්දු නොවන බවද උන්වහන්සේ පවසති.

තමන් නිලවරණයට එන්නේ හොර ගුහාවක් වන ක්‍රිකට් පාලක මණ්ඩලය ඉන් මුදා ගැනීමට බවත් දූෂණයට වංචාවට ඉඩ නොදෙන බවත් උන්වහන්සේ කියා සිටිති.

මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති තනතුරට නාමයෝජනා දිම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව කියා සිටිති.

තමන් පසුපස විශාල කණ්ඩායමක් සිටිනා බවත් මෙසේ නිලවරණයට ඉදිරිපත් වන්නේ ඔවුන් සමග සාකච්ඡාවෙන් අනතුරුව බවද උන්වහන්සේ පැවසූහ.

Rate this item
(0 votes)