April 19, 2024

විමල් හා උදය නිෂ්ක්‍රීය කරන්න විපක්ෂයේ ප්‍රබලයින් දෙදෙනෙකු ආණ්ඩුවට Featured

February 26, 2021

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුවට එරෙහිව ගෙනයන වැඩ පිලිවෙල නිෂ්ක්‍රීය කිරිම සඳහා සමගි ජන බලවේගය ප්‍රබලයන් දෙදෙනෙකු ආණ්ඩුවට එක් කර ගැනීම පිළිබඳව කසුකුසුවක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තුළම යමින් තිබේ.

මෙසේ ආණ්ඩුවට එක්කර ගැනීම පිළිබඳව යන කසුකුසුවට පදනම් වී තිබෙන්නේ කලක් මහින්ද රාජපක්ෂ රජයේ කැබිනට් අමාත්‍ය ධූර දරා පසුව 2015 ජනපතිවරණ සමයේ එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ මෛත්‍රීපාල සිරිසේන පාර්ශවයට සහාය දීමට එක්වූ දෙදෙනෙකි.

ඉන්පසු යහපාලන ආණ්ඩුවේ ද කැබිනට් අමාත්‍ය ධූර දැරූ මේ දෙදෙනාටම දේශපාලන පලිගැනීම් සෙවීමට පත්කළ ජනපති කොමිසමෙන් චෝදනා එල්ල වූ අයද වේ.

මේ දෙපළම පසුගිය මහ මැතිවරණයේදී බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක දෙකක් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාම මතභේදාත්මක ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන්නන් වේ.

මේ දෙපල හා ආණ්ඩුවට යනවා ද නැද්ද යන්න පිළිබඳව හෝ ඔවුන්ට ආණ්ඩුවෙන් ආරාධනා කළා ද යන්න පිළිබඳව පැහැදිලි තොරතුරක් තවමත් වාර්තා වේ.

Rate this item
(2 votes)
Last modified on Thursday, 25 February 2021 16:14