April 20, 2024

ආණ්ඩුවේ පක්‍ෂ 10ක නායකයින් අභයාරාමයට කැඳවයි! ඉදිරි ගමනක් යන්න සූදානම් - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් ප්‍රකාශයක්

February 25, 2021

ආණ්ඩුවේ පක්ෂ 10ක නායකයන් සහ භික්ෂූන් වහන්සේලා පිරිසක් අතර නාරාහේන්පිට අභයාරාමයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එම සාකච්ඡාවෙන් පසු පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ප්‍රකාශ කළේ ඉදිරි ගමනක් යාමට සාකච්ඡා කළ බවයි.

මේවන විට ජනතාවගේ දුක්ගැනවිළි ඉදිරිපත් වීමත් එක්ක ඉදිරියේදී ඊට ගතයුතු පියවර ගැන සාකච්ඡා කළ බවත් පරිපාලනය කළ නොහැකි අදක්ෂ නිලධාරීන් ආණ්ඩුව පත් කර ඇති බවත් ඒ හිමියෝ පැවසූහ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලනය කඩා වැටී ඇති බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

ජීවන බර සහ වන විනාශය ගැන මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකළ බවත් වන විනාශය වලක්වාගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍යතාවය ගැන පෙන්වා දුන් බවත් පූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පැවසූහ.

ඇතැම් නිලධාරීන් සම්බන්ධව ගැටලු මතුවූ බවත් එය නිවැරදි කර ගත යුතු බවත් එය රජය තුළ සිදුවිය යුතු බවත් උන්වහන්සේ සඳහන් කළහ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 25 February 2021 15:12