April 24, 2024

මුතුරාජවෙල ගැන නිරීක්ෂණ වාර්තාවක්! වහාම UDA යටතට පවරයි

February 25, 2021

මුතුරාජවෙල තෙත් භූමිය වහාම පරිසර අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇත.

මුතුරාජවෙල තෙත් භූමිය විවිධ පුද්ගලයන් විසින් අත්පත් කරගෙන නීති විරෝධී ලෙස විනාශ කිරීමට පියවර ගෙන තිබිණි.

ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් නිරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

ව්‍යාපාරිකයන්, පාතාල සාමාජිකයන් සහ ඇතැම් රාජ්‍ය නිලධාරීන් එම භූමිය විනාශ කරන අයුරු දැක ගැනීමට හැකි වූ බව එම නිරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

ඒ පිළිබඳව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර, එහිදී වහාම එම තෙත් භූමිය පරිසර අමාත්‍යංශයට සහ නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගෙන සංවර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

සංවර්ධනය කිරීම සඳහා වැය වන මුදල් රජයෙන් ලබාදීමටද ජනාධිපතිවරයා තීරණය කර ඇත.

Rate this item
(0 votes)