March 29, 2024

බස, සංස්කෘතිය හා සභ්‍යත්වය පිලිබද ලොකු බණ්ඩාරයන්ගේ දැක්ම අපේ පොදු ප්‍රතිපත්තිය කරගමු (VIDEO)

February 25, 2021

කුමාරතුංග මුනිදාස ශුරින්ගේ ජන්ම දින සංවත්සරය මුල්කොට ගෙන කුමාරතුංග මුනිදාස පදනම සරසවි විද්වතුන් මෙන්ම හෙළ හවුලේ පඩිවරුන් සමග පිහිටුවීමට මුල් වූයේ වි.ජ.මු.ලොකුබණ්ඩාර මහතා බව ගෙවිදු කුමාරතුංග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

දේශීය වෛද්‍ය ව්‍යාපෘති අමාත්‍යවරයා ලෙස ආයුර්වේද හා දේශීය වෙදකමේ පුනර්ජීවනය සඳහා පුරෝගාමී වී පෙරගමන්කරුවකු ලෙස ලොකුබණ්ඩාර මහතා කටයුතු කල බවද කුමාරතුංග මහතා සඳහන් කරයි.

සංස්කෘතික, අධ්‍යාපන හා ප්‍රවෘත්ති අමාත්‍යවරයා ලෙස අභාවයට යමින් තිබූ පිටපත් සොයා යළි මුද්‍රණය කොට පරිහරණයට මග පෑදූවේ ලොකු බණ්ඩාර මහතා බව ද කුමාරතුංග මහතා සිහිපත් කරයි.

අපේ බස, සංස්කෘතිය හා සභ්‍යත්වය පිළිබඳව ලොකු බණ්ඩාර මහතාගේ දැක්ම අපේ පොදු ප්‍රතිපත්තිය බවට පත්කොට ගෙන උත්තමාචාර දක්වමු යැයි යන ඉල්ලීම ද කුමාරතුංග මහතා විසින් කරයි.

ගෙවිදු කුමාරතුංග මහතා මෙම අදහස් පළ කළේ හිටපු කතානායක වරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු හා සාහිත්‍යධරයෙකු වූ වි.ජ.මු ලොකුබණ්ඩාර මහතාගේ අභාවය සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තුවේ ශෝකය ප්‍රකාශ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 February 2021 15:58