April 25, 2024

අමාත්‍ය මහින්දානන්ද නිදොස් කොට නිදහස්

February 25, 2021

රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් ඒ මහතාට පවරා තිබූ නඩුවෙන් මෙලස නිදොස්කොට නිදහස් කර තිබෙනවා.
පැමිණිල්ල විසින් ඉදිරිපත් වී ඇති චෝදනා අධිකරණය හමුවේ ඔප්පු කිරීමට අපොහොසත් වී ඇති බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා අදාල  මුදල ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොන්ග්‍රසයේ සභාපති වශයෙන් සිටියදී නීත්‍යානුකුලව ලබාගෙන ඇති බවත් පසුව එම ණය මුදල ගෙවා අවසන් කර ඇති බවත් අධිකරණය හමුවේ ගොනු කර ඇති සාක්ෂි වලින්ම එය ඔප්පු වී ඇති බවත් විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියා.   

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතානියෝගය ලබා දී තිබෙනවා.

Rate this item
(0 votes)